පරිගණක වර්ගීකරණය
එක් අවස්ථාවක දී ඔබගේ ලිපි ලේඛන සකසන පරිගණකය තවත් අවස්ථාවක දී කර්මාන්ත ශාලාවක යන්ත්‍ර සූත්‍ර හැසිරවීම මෙන් ම වෙනත් අවස්ථාවක දී ඔබගේ රෝගී තත්ත්ව පරීක්ෂා කර ගැනීමට ද උපකාර කරන බව පළමු පරිච්ඡේදයේ දී ඔබ වටහා ගන්නට ඇත. එසේ නම් පරිගණකය සෑම විටක දී ම එක ම භෞතික ස්වරූපයක් නොගන්නා බව ඔබට වැටහෙන්නට ඇත.
එම නිසා අප විසින් භාවිත කරනු ලබන පරිගණක, වර්ග කිහිපයකට ඛෙදා දැක්විය හැකි ය.
එම නිසා අප විසින් භාවිත කරනු ලබන පරිගණක, වර්ග කිහිපයකට ඛෙදා දැක්විය හැකි ය.
ප්‍රමාණය අනුව පරිගණක වර්ග කිරීම
සුපිරි පරිගණක(Super Computers)
මෙම පරිගණක ඉතා බල සම්පන්න වේ. ප්‍රමාණයෙන් විශාල ය, මිල අධික ය. එසේ ම දුර්ලභ ය
සුපිරි පරිගණකයේ යෙදීම්,
- විද්‍යාත්මක සහ ඉංජිනේරු කටයුතු සඳහා ද
- ඉතා සංකීර්ණ වූ ගණිතමය ගැටලූ විසඳීම සඳහා ද යොදා ගැනෙන මෙම පරිගණක
- මෙම පරිගණක නාසා වැනි ආයතන මෙන් ම විශාල ව්‍යාපාර සහ යුධ හමුදා කටයුතු සඳහා යොදා ගනු ලබයි
මහා පරිගණක(Mainframe Computers)
මේවා සුපිරි පරිගණකවලට වඩා වේගයෙන්, බලයෙන් සහ මිලෙන් අඩු ය. මහා පරිගණක තාක්ෂණය යනු, පරිශීලකයින් විශාල ප්‍රමාණයක්, පර්යන්ත (Terminals) විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් එක් පරිගණකයකට සම්බන්ධ වෙමින් දත්ත සහ තොරතුරු හුවමාරු කර ගැනීම, තැන්පත් කිරීම සහ නැවත ලබා ගැනීමයි.
මහා පරිගණකයේ යෙදීම්,
- විශාල වෙළෙඳ ව්‍යාපාරවල ද
- ඉ-වෙළඳාමේ දී ද
- අන්තර්ජාලය භාවිත කරමින් ගනුදෙනු කිරීමේදීද
- විශාල ප්‍රමාණයේ වෙළෙඳ ආයතනවලද මෙවැනි පරිගණක අදටත් භාවිත වේ.
මධ්‍ය පරිගණක(Mini Computers)
1960 දශකයේ නිර්මාණය කරන ලද මධ්‍ය පරිගණක මහා පරිගණකවලට වඩා වේගයෙන්, බලයෙන් සහ මිලෙන් අඩු පොදු කාර්ය පරිගණක ලෙස ද හැඳින්වේ. පාව්ච්චිය පහසු ය. පරිශීලකයින් කිහිප දෙනෙකු විසින් පර්යන්ත (Terminals) කිහිපයක් මගින් මධ්‍ය පරිගණකය හා සම්බන්ධ වෙමින් දත්ත හා තොරතුරු හුවමාරු කර ගනු ලැබේ.
මධ්‍ය පරිගණක යේ යෙදීම්
- බැංකු පද්ධති තුළ මෙය යොදා ගන්නා ලදී
පෞද්ගලික පරිගණක/ ක්ෂුද්‍ර පරිගණක (Personal Computers/ Micro Computers)
මෙය කුඩා පරිගණකයකි. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගනු ලබන මෙම
පරිගණක අඩු ධාරිතාවක් සහිත මතකයන්ගෙන් මෙන් ම, ප්‍රමාණයෙන් ද, වේගයෙන් ද, මිලෙන්
ද, අඩු ය. එසේ ම විදුලි පරිභෝජනය ද අඩු ය.
උකුල් පරිගණක සහ පෞද්ගලික පරිගණක මෙම වර්ගයට අයත් වේ.
තාක්ෂණයට අනුව වර්ග කිරීම
ප්‍රතිසම පරිගණක(Analog Computers)
පරිසරයේ සිදු වන වෙනස් වීම් (වේගය, වෝල්ටීයතාව, පීඩනය, උෂ්ණත්වය) වැනි ප්‍රතිසම සංඥා (Analog signals) - හඳුනා ගනිමින් ඒ අනුව ක්‍රියාත්මක වන පරිගණක ප්‍රතිසම පරිගණක ලෙස හඳුන්වනු ලබයි.
උදා -
- වේගමාපක
- සංවේදක සහිත මාර්ග ලාම්පු
- කාලගුණ මිණුම් යන්ත්‍රය
සංඛ්‍යාංක පරිගණක(Digital Computers)
අප විසින් එදිනෙදා ජීවිතයේ දී පරිහරණය කරනු ලබන පරිගණක සංඛ්‍යාංක පරිගණක වේ. මෙම පරිගණක සංඛ්‍යාංක සංඥා (Digital signals)- හඳුනා ගනිමින් ක්‍රියා කරයි. වැඩසටහනකට අනුව විදුලි බලයෙන්
ක්‍රියා කරයි.
මිශ්‍ර පරිගණක
ප්‍රතිසම පරිගණක සහ සංඛ්‍යාංක පරිගණක යන දෙවර්ගයෙහි ම සම්මිශ්‍රණයක් ලෙස මිශ්රපරිගණකහැඳින්වියහැකි ය.
හෘදයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම සඳහා රෝහලේ දී යොදා ගනු ලබන යන්ත්‍රය මිශ්‍ර පරිගණකයකි.
ප්‍රතිසම සංඥාවක් වන හෘදයේ ක්‍රියාකාරීත්වය හඳුනා ගනිමින් එය සංඛ්‍යාත සංඥාවක් ලෙස පරිවර්තනය කර එම සංඥා මුද්‍රණය කිරීම මෙම යන්ත්‍රය මගින් සිදු කරනු ලබයි.
Wynn Las Vegas to open casino in Las Vegas, NV - KTNV
ReplyDeleteWynn Las Vegas 서울특별 출장안마 and Encore Las Vegas will 성남 출장마사지 be joined by two 전라북도 출장마사지 luxury hotel towers with a total of 용인 출장안마 4,748 spacious hotel rooms, suites and villas. 의왕 출장마사지