තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම්
ඉ -- රාජයේ යෙදවුම්(e - government)
රජයක්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන්, සමාගම්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම ඉ-රාජ්‍යය ලෙස හැඳිනවේ.
උදාහරණ -
- ශ්‍රී ලංකා රජයේ වෙබ් පිටුව
- රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආයතනය (ICTA) වැනි රජය හා සම්බන්ධ වෙබ් අඩවි ගත හැක.
අධ්‍යාපන ක්ෂේත්රයේ යෙදවුම්
පන්ති කාමරයේ දී
පන්ති කාමරයේ දී පරිගණකය සහ අන්තර්ජාල පහසුකම් විවිධාකාරයෙන් අධ්‍යාපනය සඳහා යොදා ගනු ලබයි. ඉන් සමහරක් පහත දැක්වේ.
• පරිගණක ආශ්රිත සමර්පන (Presentation)
• පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන
• පරිගණක ඇසුරෙන් නිර්මාණ කිරීම (පිංතූර සහ විඩියෝ සකස් කිරීම්)
• සඟරා, ලිපි, ලේඛන සකස් කිරීම සහ මුද්‍රණය කිරීම
• අධ්‍යාපනික ක්‍රීඩා
• CD-ROM මාධ්‍යයෙන් තොරතුරු අධ්‍යයනය
• අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනික තොරතුරු රැස් කිරීම
ඕනෑ ම තැනක දී ඕනෑ ම වේලාවක දී අධ්‍යාපනය ලැබීම
ඔබට පරිගණයක් සහ අන්තර්ජාල පහසුකම් ඇත්නම්, නිවසේ සිට හෝ වෙනත් පහසු ස්ථානයක
දී හෝ අවශ්‍ය වේලාවක දී අධ්‍යාපනය ලබා ගැනීමට පුළුවන.
උදා -
- www.schoolnet.lk
- nenasala.lk
- www.e-thaksalawa.moe.gov.lk
- www.edulanka.lk/Web-Patashala
- www.vidumanpetha.com
Web Based Learning - වැඩි දුර අධ්‍යාපනය ලැබීමට හැකියාවක් ලැබී ඇත
ඉගැන්වීම සඳහා ගුරුවරයාට ආධාරකයක් වීම
- විස්තර කර දීමට අපහසු පාඩම් සඳහා රූප සටහන්, සජීවීකරණ සහ වීඩියෝ දර්ශන පෙන්වීම.
- ඉලෙක්ට්‍රොනික් සමර්පන යොදා(Presentation) ගනිමින් විෂයයට ආකර්ෂණයක් ඇති කිරීම සහ පැවරුම් ලබා දීම.
- පරිගණකය යොදා ගනිමින් පාඩම් සටහන් සකස් කිරීම.
- අන්තර්ජාලය මගින් විෂයයට අදාළ තොරතුරු ලබා ගැනීම
ඉගෙනුම් කළමනාකරණය
පාසල් අධ්‍යාපන කළමනාකරණය සහ උසස් අධ්‍යාපන කළමනාකරණය සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් (Learning Management System) යොදා ගැනීම බොහෝ රටවල දක්නට ඇත. මෙම පද්ධතියක් හා සම්බන්ධ වීමට අන්තර්ජාල පහසුකම් තිබිය යුතු අතර පාසල හෝ ආයතනය හෝ සතු වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතු ය.
ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක ඇති පහසුකම්
සැමට ම උසස් අධ්‍යාපනයට ළඟා වීමේ හැකියාව
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුවත් සමග ම ඕනෑ ම රටක සිට, තමන්ට කැමති ආකාරයේ
අධ්‍යාපන ආයතනයක් හා සම්බන්ධ වීම තුළින් ඉතා අඩු වියදමකින් උසස් පාඨමාලාවක් හැදෑරීමට ඔබටත් හැකි ය. මෙය මාර්ගස්ථ දුරස්ථ අධ්‍යාපනය (Online Distance
Learning) ලෙසින් හැඳින්වේ.
සෞඛ්‍ය ක්ෂේත්රයේ යෙදවුම්
- වෛද්‍ය පරීක්ෂණ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිතය
උදාහරණ 1 -
පරිගණකගත ආක්ෂක ශරීර ස්තර එක්ස්රේ යන්ත්‍රය CAT - Computerized Axial Tomography Machine
උදාහරණ 2 - චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය (MRI - Magnetic Resonance Imaging Machine)
රේඩියෝ තරංග සහ ප්‍රබල චුම්බක අනුනාද (දෝංකාර) මගින් ශරීරයේ අභ්‍යන්තර කොටස්වල සවිස්තරාත්මක රූප සටහන් ලබා ගැනීම මෙම යන්ත්‍රය මගින් සිදු වේ.
රේඩියෝ තරංග සහ ප්‍රබල චුම්බක අනුනාද (දෝංකාර) මගින් ශරීරයේ අභ්‍යන්තර කොටස්වල සවිස්තරාත්මකරූප සටහන් ලබා ගැනීම මෙම යන්ත්‍රය මගින් සිදු වේ. රෝග හඳුනා ගැනීමේ දී මෙන් ම ප්‍රතිකාර තීරණය
කිරීමේ දී ද මෙම රූප උපකාරී වේ.
හෘද ස්පන්දනය නිරීක්ෂණය කිරීම සඳහා මෙම යන්ත්‍රය යොදා ගැනේ. හෘදයේ සිට ශරීරයේ අනෙකුත් ඉන්ද්රියයන් වෙත රුධිරය සැපයීමේ දී හෘදයේ ඇති වන විද්‍යුත් ස්පන්දනයට අනුව නිපදවන තරංග ප්‍රස්තාරික
කඩදාසියක සටහන් වීම මෙහි දී සිදු වේ.
උදාහරණ 4 - හෘදරෝග තිර ගැන්වීමේ යන්ත්‍ර -(Cardiac Screening Machine)
හෘදයේ ක්‍රියාකාරිත්වය පරිගණක තිරයක දැක්වීම මෙම යන්ත්‍රය මගින් සිදු වේ. හෘදයේ රුධිර නාල සිහින් වීම වැනි විවිධ ආසාදන තත්ත්වයන් හදුනා ගැනීමට හැකි වීමෙන් අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට මේ නිසා හැකිවේ.
හෘදයේ ක්‍රියාකාරිත්වය පරිගණක තිරයක දැක්වීම මෙම යන්ත්‍රය මගින් සිදු වේ. හෘදයේ රුධිර නාල සිහින් වීම වැනි විවිධ ආසාදන තත්ත්වයන් හදුනා ගැනීමට හැකි වීමෙන් අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීමට මේ නිසා හැකිවේ.
උදාහරණ 5 - විද්‍යුත් නිකර්පර රේඛණ යන්ත්‍රය (EEG - Electro - Encephalography)
මොළයේ ක්‍රියාකාරිත්වය සටහන් කිරීම සඳහා මෙම උපකරණය යොදා ගනු ලබයි. හිස් කබලට අලවන
ලබන, ප්‍රමාණයෙන් කුඩා, ලෝහ තැටි (විද්‍යුත් අග්‍ර) මගින් මොළයෙන් නිකුත් කරනු ලබන විද්‍යුත් ස්පන්දන ග්‍රහණය කර මොළයේ ක්‍රියාකාරිත්වය රූපවාහිනී තිරයක සටහන් කරනු ලබයි. රෝගියා අවදියෙන්
මෙන් ම නිදා සිටින විට ද මෙම යන්ත්‍රය මගින් අවශ්‍ය සටහන් ලබා දෙයි.
උදාහරණ 6 - රුධිරයේ සීනි පරීක්ෂා කිරීමේ උපකරණය(Blood sugar testing machine)
රුධිරයේ සීනි පරීක්ෂාව සඳහා යොදා ගන්නා මෙම උපකරණය මගින් රුධිර සාම්පලය පරීක්ෂා කර රුධිරයේ ඇති සීනි තත්ත්වය පෙන්නුම් කරයි.
උදාහරණ 7 - රුධිර පීඩනය මනින යන්ත්‍රය (Blood Pressure Testing Machine )
අත් පළඳනාවකට සමාන මෙම යන්ත්‍රය රෝගියා විවේකී ව මෙන් ම ක්‍රියාකාරී ව සිටින විට ද පැළඳ සිටීමෙන් අවස්ථාවට අනුව රුධිර පීඩනයේ වෙනස් වීම මැන ගත හැකි ය.
අත් පළඳනාවකට සමාන මෙම යන්ත්‍රය රෝගියා විවේකී ව මෙන් ම ක්‍රියාකාරී ව සිටින විට ද පැළඳ සිටීමෙන් අවස්ථාවට අනුව රුධිර පීඩනයේ වෙනස් වීම මැන ගත හැකි ය.
2.දුරස්ථ සෞඛ්‍ය රැකවරණය(Telemedicine)
මෙයින් ඇති වාසි රැසකි. ඉන් කිහිපයක් මෙසේ දැක්විය හැකි යි.
උදාහරණ 1 - දුරස්ථ සෞඛ්‍ය උවටැන්
උදාහරණ 2 - නිවසේ සිට අධීක්ෂණය
උදාහරණ 3 - උපදෙස් ලබා ගැනීම
උදාහරණ 4 - දුරස්ථ ශල්‍යකර්ම
උදාහරණ 5 - දුරස්ථ පුහුණුව
කෘෂි කර්මාන්තයේ යෙදවුම්
1. ගොවිතැනට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
උදාහරණ 1- කාලගුණ මිණුම් යන්ත්‍ර
මෙමගින් කාලගුණය, දේශගුණය, වර්ෂාපතනය, සුළං දිශාව ආදී තත්ත්වයන් පෙන්නුම් කරනු ලබයි. ඒ අනුව බෝග වගාවට සහ අස්වනු නෙළීමට සුදුසු කාල වකවානුව තීරණය කිරීමට හැකි වනු ඇත.
උදාහරණ 2 - ස්වයංක්‍රීය කුරුමි‚ පාලන යන්ත්‍රය
උදාහරණ 3-වගා බිමෙහි තත්ත්වය මනින යන්ත්‍රය
මෙම යන්ත්‍රය මගින් වගා බිමෙහි තත්ත්වය (තෙතමනය, සරු නිසරු බව) පරීක්ෂා කර බෝග සඳහා සුදුසු බව තීරණය කරනු ලබයි.
උදාහරණ 4-ස්වයංක්‍රීය ජල සැපයුම(Drip irrigation)
ස්වයංක්‍රීය ව ක්‍රියා කරන මෙම යන්ත්‍රය අප විසින් ලබා දෙනු ලබන දත්තවලට අනුව ක්‍රියා කරමින් වගා බිමට අවශ්‍ය ජලය පාලනයකින් යුතු ව සපයනු ලැබේ. එම නිසා අනවශ්‍ය ජල පරිභෝජනය සහ ජලය නොමැති
වීමෙන් ගොවිතැන් විනාශ වී යාම වළක්වා ගත හැකි වී තිබේ.
උදාහරණ 5 - ස්වයංක්‍රීය වල් පැළ ඉවත්කරණය
උදාහරණ 6 - රොබෝ තාක්ෂණයෙන් පැළ සිටුවීම
විශාල වගා බිමක පැළ එහා මෙහා ගෙන යාමටත් පැළ අතර ඇති පරතරය ඒකාකාරී ලෙස පවත්වා ගෙන සිටවීමටත් මෙම රොබෝ යන්ත්‍ර යොදා ගනු ලබයි.
උදාහරණ 7 - රොබෝ තාක්ෂණයෙන් අස්වනු නෙළීම
උදාහරණ 8 - හරිතාගාර (Greenhouses)
භෝග වගාවේ දී ගොවියාට තම බවබෝග ස්වාභාවික ව්‍යසනයන්ගෙන් (තද අව්ව, වැස්ස, උෂ්ණත්වය,
සීතල, කෘමීන්, වසංගත ආදියෙන්) ආරක්ෂා කර ගැනීම සඳහා හොඳ විසඳුමක් ලෙස හරිතාගාර හැඳින්විය හැකි
ය. හරිතාගාර පාලනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීමෙන් වගාවන්ට සුදුසු ලෙස
ආර්ද්‍රතාව, ආලෝකය, ජලය සහ වාතය පාලනය කරනු ලැබේ. ඉතා උසස් තත්ත්වයේ දුර්ලභ බෝග නිෂ්පාදන වෙළෙඳ පොළට එක්කිරීමට මේ නිසා හැකි වී තිබේ.
සත්ත්ව ගොවිපොළ සදහා යෙදවුම්
උදාහරණ 1- ගුවන් විදුලි සංඥා හැඳුනුම් උපකරණය
සතුන් ගණනය කිරීම, හඳුනා ගැනීම සහ සිටිනා ප්‍රදේශය දැන ගැනීම සඳහා සතුන්ගේ ශරීරයේ ගුවන් විදුලි සංඥා හැඳුනුම් (RFID-Radio
Frequency Identification Device)උපකරණය සවි කරනු ලබයි.
උදාහරණ 2 - තත්ත්ව පාලනය
ස්වයංක්‍රීය ව ක්‍රියාත්මක වන මෙම යන්ත්‍රය එළදෙනුන්ගේ සෞඛ්‍ය පරීක්ෂාව, කිරි ලබා ගැනීම, කිරිවල තත්ත්ව පරීක්ෂාව සඳහා යොදා ගනු ලබයි.
උදාහරණ 3 - ආරක්ෂාව සඳහා
උදාහරණ 4 - ගොවිපළ කළමනාකරණය
ගොවි මහතා තම ගොවිපොළ පිළිබඳ ව වාර්තා තබා ගැනීමටත්, ලාභ අලාභ ගණනය සඳහාත්, සේවකයින්ගේ වැටුප් පිළිබඳ තොරතුරු ගබඩා කර තබා ගැනීමටත් සුදුසු යෙදවුම් සහිත එහා මෙහා ගෙන යා හැකි පරිගණක (Laptop, Tablet
PC, Smart Phone)යොදා ගනියි. මෙමගින් අන්තර්ජාලයට සම්බන්ධ වී වෙළඳපොළ තත්ත්වය නිරීක්ෂණය කිරීමටත්,තොරතුරු හුවමාරු කිරීමටත් කාලීන තොරතුරු ලබා ගැනීමටත් හැකි වී තිබේ.
ධීවර කර්මාන්තයේ දී
ධීවර කර්මාන්තයේ දී යොදා ගනු ලබන මෙම සංවේදක උපකරණ මසුන් සිටින ප්‍රදේශ හඳුනා ගැනීමෙන් අනතුරු ව එම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්‍රම භාවිතයෙන් ධීවර යාත්‍රාවල ඇති පරිගණක වෙත ලබා දෙයි.
කර්මාන්ත සහ ව්‍යාපාර සදහා යෙදවුම්
ඉතා උසස් තත්ත්වයේ නිෂ්පාදන බිහි කිරීමටත්, මිනිස් ශ්‍රමය අවම ලෙස යොදා ගනිමින් වියදම අඩු කර ගැනීමටත් කර්මාන්ත සහ ව්‍යාපාර සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනේ. මෙමගින් පාරිභෝගිකයාට උසස් තත්ත්වයේ නිෂ්පාදන අඩු මුදලකට ලබාගත හැකි වී තිබේ. කර්මාන්ත සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම මෙසේ දකිමු.
උදාහරණ 1 - වීඩියෝ සම්මන්ත්රණ ව්‍යාපාර සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත කිරීම මගින් ව්‍යාපාර කටයුතු පහසු කර ගැනීමට හැකි බව පහත ස`දහන් දර්ශන මගින් පැහැදිලි වේ.වීඩියෝ සම්මන්ත්රණ (Video
Conferencing) ක්‍රමය භාවිත කිරීම නිසා විවිධ ප්‍රදේශවල සිටින ව්‍යාපාර සාමාජිකයින් සමග සංවාද පැවැත්වීමේ පහසුව ලැබී ඇත. මෙමගින් සම්මන්ත්රණ සඳහා විශේෂ ස්ථානයක් අවශ්‍ය නොවීම, ගමනාගමනය සඳහා ගත වන කාලය, ශ්‍රමය සහ වියදම අවම කර ගැනීමට පුළුවන.
උදාහරණ 2 - මානව සම්පත් කළමනාකරණය සේවකයින්ගේ පැමිනීම සටහන් කිරීම සඳහා යොදා ගන්නා ඇඟිලි සලකුණු සුපිරික්සකය (Finger Print Scanner) සහ කාඩ් පත් කියවනය (Card Reader) මගින් ආයතනයේ සාමාජිකත්වය හඳුනා ගැනීම, පැමිණීම හා පිටවීම, නිවැරදි ව සටහන් වීම, ඊට අනුරූප ව වැටුප් සැකසීම, සුදුසුකම්, නිවාඩු ගැනීම් ආදී
අනෙකුත් විස්තර ඇතුළත් කර තැබීම නිසා ආයතන පරිපාලනය පහසු වේ. ඇඟිලි සලකුණු සුපිරික්සකය සහ කාඩ් පත් කියවනය ව්‍යාපාරයන්හි පමණක් නොව මේ වන විට බොහෝ රාජ්‍ය ආයතනයන්හි ද භාවිත කරනු ලබයි.
උදාහරණ 3 - ඉ-බැංකු පද්ධති ()
ඉ-බැංකු පද්ධති නිසා ව්‍යාපාරිකයින්ට මෙන් ම අපට ද ඉතා පහසුවෙන් බැංකු හා ගනුදෙනු කිරීමේ හැකියාව ලැබී තිබේ. එනම්,
- ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය () මගින් ඕනෑ ම වේලාවක ඕනෑ ම ස්ථානයක දී මුදල් ලබා ගැනීමේ හැකියාව.
- අන්තර්ජාලය හා සම්බන්ධ වී ඇති බැවින් ශ්‍රී ලංකාව තුළ පමණක් නොව වෙනත් රටක සිට හෝ ගනුදෙනු කිරීමේ හැකියාව.
- ඉ - බැංකු පද්ධතිය තුළ ලියාපදිංචි වී ඇති විට පහසු ස්ථානයක සිට ඔබගේ ජංගම පරිගණකයෙන්, දුරකථනයෙන් බිල්පත් ගෙවීම, බැංකු අතර මුදල් හුවමාරුව, ගිණුම පරීක්ෂා කිරීම ආදියෙහි හැකියාව.
උදාහරණ 4 - මාර්ගගත සාප්පු සවාරිය (Online Shopping)
ඉලෙක්ට්‍රොනික වෙළෙඳාම නොහොත් මාර්ගගත සාප්පු සවාරිය () යනු
අන්තර්ජාලය ඔස්සේ මෙරට හෝ පිටරටක ඇති වෙළෙඳ ආයතන විසින් භාණ්ඩ හෝ සේවා සැපයීමත්,
පාරිභෝගිකයන් විසින් භාණ්ඩ හෝ සේවා මිල දී ගැනීමත් ය. පාරිභෝගිකයා විසින් තෝරා ගන්නා ලද වෙළෙඳ ආයතනයකින් ඔහුට හෝ ඇයට කැමති ආකාරයේ භාණ්ඩයක් හෝ සේවාවක් පහසු ස්ථානයක
සිට ඇණවුම් කර ගෙන්වා ගත හැකි ය. මෙහි ඇති වාසි මෙසේ දැක්විය හැකි ය.
- ඕනෑ ම රටක, අන්තර්ජාලයේ ඇති වෙළෙඳ ආයතනයක් තෝරා ගැනීමට හැකි ය.
- 24 පැයෙහි ම විවෘත ව තිබීම.
- පහසු ස්ථානයක සිට භාණ්ඩ නිරීක්ෂණය කර ඇණවුම් කිරීමේ හැකියාව.
- හර කාඩ් පත් මගින් මුදල් ගෙවීමේ පහසුව.
- භාණ්ඩය හෝ සේවාව නිවසට ම ලබා ගැනීමේ පහසුව. එබැවින් ගමන් විඩාව.කාලය යනාදිය ඉතිරි කර ගැනීමට හැකිවීම.
විනෝදාස්වාදය සඳහා යෙදවීම්
වර්තමානයේ දී ඉතාම කලබලකාරී, අවිවේකී ජීවිත ගත කරන මිනිසාට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය මගින් මඳකට හෝ අස්වැසිල්ලක් ලබා ගැනීමට හැකි උපකරණ නිපදවා ඇත. එවැනි උපකරණ මගින්,
- ඒකාකාරී බව නැති කිරීමට සංගීතයට සවන් දීම.
- අන්තර්ජාලයට සම්බන්ධ වී අතපසු වූ රූපවාහිනී වැඩසටහනක් හෝ කැමති චිත්‍රපටයක් නැරඹීම.
- සමාජ ජාල හා සම්බන්ධ වීමෙන් කලකින් හමු නොවූ හෝ පිටරටක සිටින නෑදෑයින්සහ මිතුරන් අතර තොරතුරු හුවමාරු කිරීම.
- ඉහළ තාක්ෂණයෙන් නිපදවා ඇති රූපවාහිනී මගින් සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹීම.
- දරුවන් විවේකී ව සිටිනා විට ඔවුන් නිවසේ සිට ම අන්තර්ජාලය ම`ගින් හෝ
- පරිගණකයේ ස්ථාපිත අධ්‍යාපනික හෝ විනෝද ක්‍රීඩා හා සම්බන්ධ වීම.
- අන්තර්ජාලයට සම්බන්ධ වී ඉ-පොත් පත් කියවීම.
- සිත් ගන්නා ස්ථාන සහ අවස්ථා කැමරාගත කිරීම, එවා පරිගණකයේ සුරැකීම ආදිය සඳහා යෙදවීමට හැකි වීම.
I AM HAPPY THIS SLIDE SHOW VERY FANTASTIC AND VERY BEUTIFUL USEFUL ITEM
ReplyDeletePatta watinawa me site eka nam😍
ReplyDeleteඉතා වැදගත් පලකිරීමක් ..අධ්‍යාපන කෙෂ්ත්රේ නියැලෙන සිසු දරු දැරියන්ට බෙහෙවින්ම වටිනවා.
ReplyDeleteඉතා NOT වැදගත් පලකිරීමක්
ReplyDelete😍😍
ReplyDelete😀
DeleteYear. It's good for our learning system
ReplyDeleteThank you so much
ReplyDeleteAtthatama godak watinava .
ReplyDeleteThank you
It's very good for and helpful for us.
ReplyDeleteThank u so much.
silabus nathuwa wena nadda
Deleteනියමයි
ReplyDeletesuper
ReplyDeletesuper
ReplyDeleteසිලබස් නැතුව දාන්න
ReplyDelete❤️i ts really super cool 💖💖💖
ReplyDeleteThanks
ReplyDeleteThankyou so much for this note... very helpful 👌
ReplyDelete