දත්ත සහ තොරතුරු

දත්ත 

වෙන් වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක, වචන සහ සලකුණු දත්ත (data) ලෙස හැඳින්වේ.

උදා- පාසල් සිසුවෙක් සඳහා අදාළ දත්ත
         නම,විෂය ධාරාව,ශ්‍රේණිය,පාසල

දත්ත විවිධ ආකාර(forms) වලින් පැවතිය හැකිය.ඊට උදාහරණ වශයෙන් ලිවීමට සහ කියවීමට යොදාගන්නා වගන්ති (text) ,ශ්‍රව්‍ය නාද(audio) සහ රූප දැක්විය හැකිය.

1. වගන්ති(text)

      a) සංඛ්‍යාත්මක අගයන් (numerical values)    -1,2..............,9
      b) අක්ෂර                      (letters)                     - a,b,........y,z,A,B,........Y,Z
      c) විරාම ලකුණු             (punctuation marks) - ?
      d) විශේෂ ලකුණු            (special tokens)       - $,#,@,^,*,
      e) පාලන අක්ෂර            (control characters)

2. ශ්‍රව්‍ය නාද(audio)

     කටහඩ,විවිධ නාද

3.රූප (images)

    තිත්,රේඛා,හැඩතල(shapes)
    පින්තූර,රූප සටහන් (diagrams)


දත්ත වර්ගීකරණය(Classification of data)

මූලික වශයෙන් දත්ත කොටස් දෙකකට බෙදා වෙන්කර දැක්විය හැකිය

  1. සංඛ්‍යාත්මක ආකාරයට ප්‍රකාශ කළ හැකි දත්ත(Quantitative data) - 
            උදා- දිග,ස්කන්ධය,උස,කාලය,දිනය

     2.සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි දත්ත/ගුණාත්මක දත්ත(Qualitative data) -
                 උදා - හැඩ,සෞඛ්‍ය තත්ත්වය,පැහැය


දත්ත වල ස්වභාවය(Nature of Data) 

  1. දත්ත එක් රැස්කර කරගෙන ගබඩා කළ හැකිය
  2. දත්ත ගබඩා කර ඇති මාධ්‍යයකින් (storage medium) නැවත ලබාගත (retrieve)හැකිය
  3. සන්නිවේදනය කළ හැක(communicated)
  4. සැකසීමට හැකිය(process)
තොරතුරු

දත්ත ගොනු කිරීමෙන් සහ සකස් කිරීමෙන් අර්ථවත් තොරතුරු (information) ලබා ගත හැකි වන අතර එම තොරතුරු, තීරණ ගැනීම සඳහා අපට උපකාරී වනු ඇත.




ගුණාත්මක තොරතුරක  ලාක්ෂණික 

  •  අදාළ බව
        පුද්ගලයෙකුගේ උසස් ම අධ්‍යාපන සුදුසුකම් දැක්වීම අවශ්‍ය අවස්ථාවක පළමු වසරේ සිට ම ලැබූ අධ්‍යාපන විස්තර  ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවේ.
  •  අංග සම්පූර්ණ
        රටක ඒක පුද්ගල ආදායම ගණනය කිරීම සඳහා සුළු‍  පිරිසකගේ තොරතුරු පමණක් ලබා ගැනීම ප්‍රමාණවත් නොවේ. අසම්පූර්ණ තොරතුරු වැරදි තීරණ ලබා දේ.
  • නිරවද්‍යතාව
         රෝගියෙකු පිළිබ`ද වැරදි තොරතුරු වෛද්‍යවරයෙකුට ලබා දුන හොත් රෝගියාට අනතුරක් විය හැක.
  • කාලීන බව 
      තොරතුරු සැම විට ම යාවත්කාලීන විය යුතුයි. අද දින  ලබා ගන්නා කාලගුණ වාර්තා හෙට දිනයේ කාලගුණය  තීරණය කිරීමට යෝග්‍ය නොවේ.
  • පිරිවැය අවම වීම
            ආයතනයක් ලාභ ඉපයීම් වර්ධනය කිරීම සඳහා අවශ්‍ය සැලසුම් කිරීමට පෙර, රැස් කිරීමට බලාපොරොත්තු වන තොරතුරු වෙනුවෙන් අධික පිරිවැයක් දැරීමට සිදු වේ.මෙය ආයතනයට පාඩුවකි.


උදාහරණ 1 - 
පාසල් වාර විභාගය අවසානයේ දී පන්තියේ ළමයින්ගේ නම් සහ ලකුණු වෙන
වෙන ම සටහන් කළහොත් ඉන් එක්වර විෂය හා ලකුණු පිළිබඳ අදහසක් ලබා ගැනීමට
නොහැකි වේ.
රවී 78, 90, 79, 67, 76, 78 රිස්වාන් 87, 70, 80, 75, 80,80 ක්‍රිෂාන් 76, 78, 67, 80, 79, 76
එහෙත් මෙම ලකුණු පහත ආකාරයෙන් වගු ගත කළ හැකි ය.
මෙම වගුව තුලින් ළමයින්ගේ ලකුණු පිළිබඳ  තොරතුරු දිස්වේ.එහෙත්  මෙම තොරතුරු නිගමනයක් සඳහා ප්‍රමාණවත් නොවිය හැක.

මෙම වගු ගතකොට ඇති ලකුණු ගණනය කිරීමකට ලක් කළ හැකිය.

දැන් මෙම වගුව තුළින් අවශ්‍ය තොරතුරු  ලබා ගැනීමට හැකි බව ඔබට වැටහෙනු ඇත.
එක් එක් ළමයාගේ මුළු ලකුණු, ඔවුන්ගේ සාමාන්‍ය ලකුණ, ඔවුන්ගේ විෂය දක්ෂතාව, ස්ථානය ආදී තොරතුරු එම වගුව තුළින්  දැනගත හැකි ය. මෙසේ ලබා ගන්නා තොරතුරු  තීරණ ගැනීමේ දී ද වැදගත් වනු ඇත. 

උදාහරණ 2 -

මෙම වෙනස හඳුනා ගැනීම සඳහා පහත දැක්වෙන රූප සලකා බලමු.






Comments

Popular posts from this blog

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම්

පරිගණක වර්ගීකරණය