පරිගණක වර්ගීකරණය
එක් අවස්ථාවක දී ඔබගේ ලිපි ලේඛන සකසන පරිගණකය තවත් අවස්ථාවක දී කර්මාන්ත ශාලාවක යන්ත්‍ර සූත්‍ර හැසිරවීම මෙන් ම වෙනත් අවස්ථාවක දී ඔබගේ රෝගී තත්ත්ව පරීක්ෂා කර ගැනීමට ද උපකාර කරන බව පළමු පරිච්ඡේදයේ දී ඔබ වටහා ගන්නට ඇත. එසේ නම් පරිගණකය සෑම විටක දී ම එක ම භෞතික ස්වරූපයක් නොගන්නා බව ඔබට වැටහෙන්නට ඇත. එම නිසා අප විසින් භාවිත කරනු ලබන පරිගණක, වර්ග කිහිපයකට ඛෙදා දැක්විය හැකි ය. ප්‍රමාණය අනුව පරිගණක වර්ග කිරීම සුපිරි පරිගණක (Super Computers) මෙම පරිගණක ඉතා බල සම්පන්න වේ. ප්‍රමාණයෙන් විශාල ය, මිල අධික ය. එසේ ම දුර්ලභ ය සුපිරි පරිගණකයේ යෙදීම්, විද්‍යාත්මක සහ ඉංජිනේරු කටයුතු සඳහා ද ඉතා සංකීර්ණ වූ ගණිතමය ගැටලූ විසඳීම සඳහා ද යොදා ගැනෙන මෙම පරිගණක මෙම පරිගණක නාසා වැනි ආයතන මෙන් ම විශාල ව්‍යාපාර සහ යුධ හමුදා කටයුතු සඳහා යොදා ගනු ලබයි මහා පරිගණක(Mainframe Computers) මේවා සුපිරි පරිගණකවලට වඩා වේගයෙන්, බලයෙන් සහ මිලෙන් අඩු ය. මහා පරිගණක තාක්ෂණය යනු, පරිශීලකයින් විශාල ප්‍රමාණයක්, පර්යන්ත (Terminals) විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් එක් පරිගණකයක...