Posts

Showing posts from November, 2017

පරිගණකයක් යනු කුමකද?

Image
පරිශීලකයා විසින් ආදානය කරනු ලබන හෝ පද්ධතිය විසින් රැස්කර ගනු ලබන දත්ත ලබා ගෙන එම දත්ත පරිශීලකයා විසින් දී ඇති උපදෙස්වලට අනුව සකස් කරමින් ඔහුට/ඇයට අවශ්‍ය ආකාරයේ තොරතුරු ප්‍රතිදානය කරන, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපකරණයක් ලෙස පරිගණකය හැඳින්විය හැකි ය. පරිගණකයෙහි ඇති විශේෂ ලක්ෂණ  

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදවුම්

Image
  ඉ -- රාජයේ යෙදවුම්(e - government) රජයක්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන්, සමාගම්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතා පැවැත්වීම ඉ-රාජ්‍යය ලෙස හැඳිනවේ. උදාහරණ - ශ්‍රී ලංකා රජයේ වෙබ් පිටුව  රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ආයතනය (ICTA) වැනි රජය හා සම්බන්ධ වෙබ් අඩවි ගත හැක. අධ්‍යාපන ක්ෂේත්‍රයේ යෙදවුම් පන්ති කාමරයේ දී පන්ති කාමරයේ දී පරිගණකය සහ අන්තර්ජාල පහසුකම් විවිධාකාරයෙන් අධ්‍යාපනය සඳහා යොදා ගනු ලබයි. ඉන් සමහරක් පහත දැක්වේ. • පරිගණක ආශ්‍රිත සමර්පන (Presentation) • පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන • පරිගණක ඇසුරෙන් නිර්මාණ කිරීම (පිංතූර සහ විඩියෝ සකස් කිරීම්) • සඟරා, ලිපි, ලේඛන සකස් කිරීම සහ මුද්‍රණය කිරීම • අධ්‍යාපනික ක්‍රීඩා •       CD-ROM මාධ්‍යයෙන් තොරතුරු අධ්‍යයනය • අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනික තොරතුරු රැස් කිරීම ඕනෑ ම තැනක දී ඕනෑ ම වේලාවක දී අධ්‍යාපනය ලැබීම ඔබට පරිගණයක් සහ අන්තර්ජාල පහසුකම් ඇත්නම්, නිවසේ සිට හෝ වෙනත් ප...

දත්ත සහ තොරතුරු

Image
දත්ත   වෙන් වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක, වචන සහ සලකුණු  දත්ත (data) ලෙස හැඳින්වේ. උදා- පාසල් සිසුවෙක් සඳහා අදාළ දත්ත          නම,විෂය ධාරාව,ශ්‍රේණිය,පාසල දත්ත විවිධ ආකාර(forms) වලින් පැවතිය හැකිය.ඊට උදාහරණ වශයෙන් ලිවීමට සහ කියවීමට යොදාගන්නා වගන්ති (text) ,ශ්‍රව්‍ය නාද(audio) සහ රූප දැක්විය හැකිය. 1. වගන්ති (text)       a) සංඛ්‍යාත්මක අගයන් (numerical values)    -1,2..............,9       b) අක්ෂර                      (letters)                     - a,b,........y,z,A,B,........Y,Z       c) විරාම ලකුණු             (punctuation marks) - .  ,  :  ,  ,  ,  !  ,  ?       d) විශේෂ ලකුණු            (special tokens)     ...